(මහින්ද නිස්සංක)
කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (11) පෙරවරු 8.00 සිට ලබන 14 වැනි ඉරිදා පස්වරු 8.30 දක්වා කටුනායක දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ හා මීගමුව දුම්රිය ස්ථාන අතර ඉදිකෙරෙන ද්විත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා මෙසේ දුම්රිය ධාවනය සීමාකළ බව දෙපාර්තමේන්තුව කියා සිටියි.
මෙම මාර්ගයේ දුම්රිය ධාවනය 14 වැනිදා රාත‍්‍රී 8.30 පසුව සාමාන්‍ය පරිදි සිදුවන බව ද දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ - පුත්තලම මාර්ගයේ සාමාන්‍යයෙන් දිනකට දුම්රිය 34 ක් ධාවනය කෙරෙන අතර හෙට (11) සිට 14 වනිදා දක්වා කටුනායකට පමණක් සීමාකිරීම යටතේ කොළඹ හා කටුනායක අතර දිනකට ධාවනය කරනු ලබන්නේ දුම්රිය 18 ක් පමණක් බව ද දුම්රිය පාලන මැදිරි කාර්යාලය පවසයි.

