පුංචි ඡන්දය නිරීක්ෂණයට 4450ක්


(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ  4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පැපසල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයන් 3000 කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බවයි.

ඊට ජංගම නිරීක්ෂකයෝ අටසීයකට අධික පිරිසක් ඇතුළත් වෙති.

කැෆේ සංවිධානයද නිරීක්ෂකයන්  1250 දෙනකු යොදවන බව එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය යොදවන නිරීක්ෂකයන් සංඛ්‍යාව 200කි. මේ තවම අතරම ජංගම නිරීක්ෂණ රථ පනහක් ද යොදවනු ලැබේ.

මෙම ඡන්ද විමසීම සඳහා කිසිදු විදේශය නිරීක්ෂකයකු සම්බන්ධ නොවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.