
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන ආයතනවලට බර වාහන අලුතින් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා සඳහන් කළේ ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය බැකෝ වැනි යන්ත්‍ර මෙසේ අලුතින් මිලදී ගන්නා බවයි
ඇතැම් පළාත් පාලන ආයතන වල ඇති බර වාහන කල් ඉකුත් වී අබලන්ව ඇති බවත් සමහර ඒවා ප්‍රමිතියෙන් තොර බවත් අමාත්‍යවරයා පැවසීය.

