( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගෝල්ෆේස් වටරවුම අසලදී පොලිස් කොස්තාපල් වරයකුගේ ගෙල සිරකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි
කොල්ලූපිටි පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් (104928) එම් ඩි ආර් කීර්ති නිලධාරියා. ගෝල්පේස් වටරවුම අසල රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියදී ඔහුගේ පිටුපසින් පැමිණ තිබූ සැකකරු නිලධාරියාගේ ගෙල වටා අත දමා හුස්ම ගැනීමට අපහසු වන පරිදි ගෙල සිරකර ඇතැයි පොලිසිය කියයි
ඒ දුටු අවට ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී සැකකරුගේ ග්‍රහණයෙන් නිලධාරියා මුදාගෙන අනතුරුව සැකකරු පොලිසිය වෙත භාරදී ඇත
දේවාලපොල ,බලබෝව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරු සාපරාදී බලහත්කාර පෑම යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

