පිළිකාවට ප්‍රතිකාර කඩිනම් කරන එන්නතක්


(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ප්‍රථම වතාවට පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ගතවන කාලය සියයට 75 කින් අඩු කළ හැකි එන්නතක් එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවය හඳුන්වා දී තිබේ.

මෙම නව එන්නත මගින් ඇටැසොලිසුමැබ් ප්‍රතිශක්තීකරණ ඖෂධය සමට එන්නත් කිරීම සිදුවන බවත් මෙතෙක් සිදු වුයේ  ඇටැසොලිසුමැබ් ඖෂධය රෝහල් වලදී විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් මගින් රෝගීන්ගේ නහරට එන්නත් කිරීම බවත් එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත.න7ව එන්නත මගින් රෝගියාට ප්‍රතිකාර කිරීම සඳහා ගත වන්නේ විනාඩි 7 වැනි කෙටි කාලයක් බව එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.

රෝගියාගේ නහරට ඇටැසොලිසුමැබ් ඖෂධය ලබා දීම සඳහා විනාඩි 30 කට ආසන්න කාලයක් ගතවන බවත් ඇතැම් විශේෂිත රෝගීන්ට ඒ සඳහා පැයකට ආසන්න  කාලයක් ගතවන බවත් එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.එංගලන්තයේ ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ඒජන්සිය එංගලන්තය තුළ මෙම එන්නත භාවිත කිරීම සඳහා අවසර ලබා දී ඇත.

 ප්‍රතිකාර කිරීම සඳහා ගතවන කාලය සියයට 75 කින් අඩුවීම පිළිකාව වැනි රෝගයකින් පීඩා විඳින රෝගීන්ට සතුටු දායක පුවතක් බවත් රෝගීන්ට පමණක් නොව එය වෛද්‍යවරුන්ටද සුබ ආරංචියක් බවත් එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.