
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පිළිකා රෝහල සදහා අලුත් පිළිකා මර්දන උපකරණ මිලදී ගැනීම වෙනුවට පැරණි උපකරණ මිලදී ගැනීමට යන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ලේකම්වරයා විසින් එ් සඳහා යවන ලද ලිපියේ පිටපතක් තමා සභාගත කරන බව කී විපක්ෂ නායකවරයා පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර යාවත්කාලීන නොකිරීම නිසා රෝගීන්ගේ ජීවිත අනතුරට ලක් වී තිබෙන බව සදහන් කළේය.
නවතම විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමටත් ස්ථාපිත කර ඇති යන්ත්‍ර යාවත්කාලීන කිරීමටත් මගහරිමින් යල්පැන ගිය විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමට ලේකම්වරයා තැත්කර යන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙනවා නම් එය සභාගත කරන්නැයි කීය.

