(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෑන්ඩ්පාස් කම්බි කොටුව වත්ත ප්‍රදේශයේ තිදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙක් මියගොස් අඹුසැමි යුවලක් බරපතල තුවාල ලබා ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි සමන් කුමාර නැමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.
බරපතල තුවාල ලද අඹුසැමි යුවලට අයත් නිවසක් කුලී පදනම මත ලබා දීමට නියමිතව තිබී ඇති අතර එම නිවසේ පදිංචිය සඳහා පවුලක් සම්බන්ධ කර ඇත්තේ මියගිය පුද්ගලයා බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බරපතල තුවාල ලද අඹුසැමී යුවල දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියකු පැවසීය.
ගෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.