පිසී ගේ නිවසේ මත් පෙති ගබඩාවක්


(බිමල් ශ්‍යාමන්  ජයසිංහ) 

බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ සිය  නිවසේ  මත් පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය  පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු රුපියල් කෝටි 2 කට ආසන්න  වටිනා මත්පෙති  තොගයක් සමග අත්අඩංගුවට ගත් බව  පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි.අත්අඩංගුවට පත් වූවන් අතර කොස්තාපල්වරයාගේ බිරිඳ සහ  මත් පෙති සැපයූ බව පුද්ගලයාද වන බව ‍පොලිසියකියයි.

එම නිවස තුළ ගබඩා කර තිබී    මිලිගෑම් 150 මත් පෙති පෙට්ටි 21 ක් හා මිලිගෑම් 300 මත් පෙති පෙට්ටි 01  ක් සම්පූර්ණ අඩංගු මත් පෙති 1,330,420 පොලිසිය භාරයට ගෙන ඇත.

බොරලැස්ගමුව බෙල්ලන්විල ජය මාවත ප්‍රදේශයේ  තාවකාලිකව පදිංචි කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයා  නිවස තුළ මත් පෙති ගබඩාවක් පවත්වාගෙන යමින් දිවයින පුරා බෙදා හරින බවට  මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත