(ටී.කේ.ජී.කපිල)
ඔන්මැක්ස් ඩී.ටී. තහනම් පිරමීඩ යෝජනා ක්‍රමය ආරම්භ කිරීම, එහි වෙබ් අඩවිය නිර්මාණය කිරීම සහ එම යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සිදු කළ , ප්‍රධාන සැකකරු ගයාන් චාමර වික්‍රමතිලක නැමැති අද අලුයම දිවයිනට රැගෙන ආවේ.
සැකකරු ඩුබායි හි සැගවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් එහි ගොස් ඔහු අත් අඩංගුවට ගත්හ.
සැකකරු කොට්ටාව , පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරයෙකි .
ඔහුට එරෙහිව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ , නඩු විභාගයක් පැවෙතෙමින් තිබියදී , ඉකුත් 2023 වසරේ දී ඔහු ඩුබායි වෙත පළා ගියේය.
පසුව ශ්‍රී ලංකා පොලිසිය , මේ පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කර , ඔහු අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර තිබුණි .
ඒ අනුව ඩුබායි හි දී අත් අඩංගුවට ගත් ගයාන් චාමර වික්‍රමතිලක ,අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එන් ලැබීය.