(රෝෂන් තුෂාර)
වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් රිශ්වාන් මහතා අද (13) නියෝග කළේය.
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මෙසේ ඇප මත මුදා හැරුණු අතර රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කෙරුණි.
සැකකරුගේ අද අළුයම් කාලයේ යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශයේ යමින් සිටියදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත් සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි සැකකාර පුද්ගලයා ඇතුළු තවත් පිරිසක් ත්‍රීරෝද රථ රියදුරුට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
පහර කෑමට ලක්වූූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවද සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරමින් සිටින බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
පැමිණිල්ල මෙහෙයවූ පොලිසිය හා සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු එසේ ඇප මත මුදා හරින ලෙසට නියෝග කළේය.