පියාට පහර දුන් සැරයන්වරිය අත්අඩංගුවට


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් වූ  කතාබහක් දුරදිග යෑමෙන් පසු සිය පියාට පහර දුන්නේ යැයි කියන කාන්තා පොලිස් සැරයන් වරියක්අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ බේරුවල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන සැරෙන් වරියකි.

තමාට පොලිස් සැරයන්වරිය  වන දියණිය පහර දුන් බවට අහුන්ගල්ල පොලිසියට  පැමිණිල්ලක් කර ඇත.

එම පැමිණිල්ල අනුව පොලිස් සැරයන් දියණිය සහ පැමිණිලිකාර  පියා පොලිසිය ස්ථානයට කැඳවාමෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ දෙදෙනාමසාමදාන වීමට අකමැත්ත ප්‍රකාශ කළේ යැයි පොලීසිය සඳහන් කරයි.