(බී.ජී. චතුරංග)
රාජාංගනය පොලිස් වසමේ යාය 17 පහළමාරගහවැව ප්‍රදේශයේ නිවසක සිටි පියකු සහ පුතෙකුගේ ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදු කල සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව රාජාංගනය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ යාය 17 පහළ මාරගහවැව පදිංචිව සිටි වයස අවුරුදු 27 සහ 23 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
තියුණු ආයුධ ලක්ව අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හිටි හාමිලාගේ ගාමිණී යසරත්න (56) සහ ඔහුගේ පුතා වන හිටි හාමිගේ ගයාන් යසරත්න (26) නැමැති පුද්ගලයන් දෙදෙනෙකි.
රාජාංගනය පහළ මාර ගහ වැව ඇඟලුම් කම්හල පිටුපස නිවසේ පදිංචි, කුමාර සහ ඔහුගේ පුතා මරා දමා ඇති බවට ඉකුත් 12 දා රාජාංගනය පොලිසියට ලැබුණු පෞද්ගලික දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එම නිවසේ සාලය තුල පුද්ගලයන් දෙදෙනෙකු බරපතල කැපුම් තුවාල සහිතව වැටී සිටියදී සොයා ගත් බව පොලිසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඝාතනය සිදුවූ නිවසට යාබව මීටර් 600ක පමණ දුරින් පදිංචි ව සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුත්‍රයා සහ පියා විසින් මීට වසර තුනකට පමණ පෙර සැකකරුවන්ගේ පියාට පහරදී ඝාතනය කර ඇති බවත් එම ඝාතනයට පලි ගැනීමක් ලෙස සැකකරුවන් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.