පිටිකිරි-දියර කිරි නිෂ්පාදනය තවත් පහළට


(සුජිත් හේවාජුලිගේ)

කිරි ගොවීන්ගේ  දියර කිරි සැපයුම  අඩුවීම  නිසා  පිටිකිරි සහ  ඇසුරුම් කළ දියර කිරි  නිෂ්පාදනය විශාල වශයෙන් පහළ ගොස් ඇතැයි මිල්කෝ සමාගම පවසයි .

දෛනිකව දියර කිරි ලීටර් ලක්ෂ හතරක් පමණ අවශ්‍ය වුවත් දැනට ලැබෙන්නේ  ලීටර්  එක් ලක්ෂ තිස් දහසක් පමණක් බවද  සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

කිරි නිෂ්පාදනය අඩුවීමට වියළි කාලගුණ තත්වයද  බලපා ඇතැයි වාර්තා වේ.