(යොහාන් භාසුර)
රට තුළ පවතින පොල් හිඟයට පිළියමක් ලෙස පොල් ගෙඩි මිලියන 200 ක් හෙවත් පොල් ගෙඩි කෝටි 20 කට සමාන පොල් කිරි, පිටි සහ සීතකළ පොල් මද ලෙස ආනයන කිරීමට තීරණය කළ බවත් එම පොල් ප්‍රති අපනයනය සඳහා පමණක් ආනයන කරන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පැවසීය.
මෙරට කර්මාන්ත සඳහා වර්තමානයේ පවතින පොල් අස්වැන්න අප්‍රේල් මස දක්වා ප්‍රමාණවත් නොවීම නිසා කර්මාන්ත රැකගැනීමට මෙම තීරණය ගත් බවත් දේශීය පොල් තෙල් කර්මාන්ත සඳහා කොප්පරා නොවන වියලි හෝ කැබලි කළ පොල් කැබලි ආනයනය කිරීමට ද කටයුතු කරමින් සිටින බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය.
දේශීය පරිභෝජනය සඳහා වන පොල් තෙල් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බදු සහන යටතේ ආනයන සඳහා අවසර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත් එය කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.