
(සුජිත් හේවාජුලිගේ )
රජය සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පිටකොටුව තොග වෙළෙඳ පොළේ බොහෝ වෙළෙඳසල් හිමියන් එම රජයේ මිල ගණන්වලට ඒ ආහාර ද්‍රව්‍ය අද (3) සිටම අලෙවි කරන අයුරු එහි ගිය අපට දක්නට ලැබිණ.
එහෙත් පිටකොටුවේ සමහර ව්‍යාපාරිකයන් රජයේ මිල ගණන්වලට එම පාරිභෝගික භාණ්ඩ අලෙවි කළේ නැත.
රජය ප්‍රකාශ කළ මිල ගණන්වලට විශේෂයෙන්ම කීරි සම්බා ලබාදිය නොහැකි බව එම වෙළෙඳසල් හිමියෝ පැවසූහ.
මේ අනුව පිටකොටුවේ බොහෝ තොග වෙළෙඳසල් සම්බා කිලෝවක් රුපියල් 102 කටද කීරි සම්බා කිලෝවක් රුපියල් 125කටද නාඩු සහල් කිලෝවක් රුපියල් 97කටද සුදු සීනි කිලෝවක් රුපියල් 120 කටද රතු සීනි කිලෝවක් රුපියල් 122 කටද අලෙවි කරන බවට මිල ගණන් ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.
මේ අතර පිටකොටුව තොග වෙළෙඳපොළේ වැඩි සෙනගක් අද දිනයේද දක්නට නොලැබිණ.
(ඡායාරූප සාන්ත රත්නායක)






