පැල්වත්ත සීනි ලොක්කා ඉල්ලා අස්වේ


(වසන්ත චන්ද්‍රපාල)

පැල්වත්ත සීනි සමාගමේ  ප්‍රධාන මෙහෙයුම් නිළධාරි නුවන් ධර්මරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වි තිබේ.

ඔහු මාස 08 කාලයක් පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරිවරයා වශයෙන් කටයුතු කළ අතර මාලිමා රජයේ විජිත හේරත් ඇමතිවරයා පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරිවරයා වශයෙන් ඔහු පත් කර තිබේ.

නුවන් ධර්මරත්න මහතා ඉල්ලා අස්වීමට හේතුව වි ඇත්තේ ඔහුගේ මුහුණු පොතේ සිනි කර්මාන්තය පිලිබඳව දමා තිබු සටහනක් නිසා බවද ඔහු පවසයි.