පැය 24 කදී ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 1245 ක් අත්අඩංගුවට


( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අද උදෑසන 6න්  අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1245 ක් අත්අඩංගුවට ගෙන වාහන තුන්සිය තිස් හයක් (336)ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එසේම, කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉකුත් මස 20 වැනි දින සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් පසු අද උදෑසන 6.00 දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව දහතුන්දහස් හාරසිය හැට අට(13468)ක් බවත්, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව තුන්දහස් තුන්සිය පනස් තුන(3353)ක් බවත් පොලිස් මාධ්‍ය ‍කොට්ඨාශය පවසා සිටී.