පැමිණිල්ලට ගිය පොලිස් සැරයන්ගේ කාකි ඇඳුම ඉරලා


(ඉන්දිකා  රාමනායක)

පැමිණිල්ලක් විභාග කිරීම සදහා මහඔය මංගලගම  පුළුකුණාව ප්‍රදේශයේ නිවසකට ගොස් සිටි මංගලගම පොලිසියේ සැරයන්වරයකුට  නිළ ඇදුමෙන් ඇද ඉරා ඔහුට අතින් පයින් පහර දී තුවාල සිදුකර ඇති බව මංගලගම පොලිසිය පවසයි

 සිද්ධියෙන් තුවාල ලබා ලැබු  සරයන්වරයා  මහඔය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

මංගලගම පොලිසියට ලද විවිධ පැමිණිල්ලකට අනුව එම පොලිස් සැරයන්වරයා අද (4) සවස එම පැමිණිල්ල විභාගයට පුළුකුණාව ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරියගේ නිවසට ගොස් සිටියදි පුද්ගයන් දෙදෙනකු එම නිවසට පැමිණ පොලිස් සැරයන්වරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඔහුගේ නිළඇදුම  ඉරාදමා අතින් පයින් පහර දී ඇති බව පොලිසිය සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන්  නිලධාරියා කළ දැනුම් දීමකට අනුව  එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු සැකකරු පලාගොස් ඇති බව පොලිසිය කියයි.

මංගලගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.