
(දයාරත්න ඇඹෝගම)
පෞද්ගලික බස් රථයකින් කැකිරාවේ සිට මරදන්කඩවල සිය නිවෙසට එමින් සිටි 74 හැවිරිදි දෙදරු පියෙකු මරදන්කඩවල නගරයේදි එම බස් රථයටම යටවි මිය ගොස් ඇතැයි මරදන්කඩවල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මරදන්කඩවල,ඉහළ පුලියන්කුලම පදිංචිව සිටි ස්මයිල් අක්බාස්(74)නැමති දෙදරු පියෙකි.
මිය ගිය අය පෞද්ගලික බස් රථයකින් කැකිරාවේ සිට මරදන්කඩවලට පැමිණ බස් රථයෙන් බැස ඉදිරියට යමින් සිටියදි බස් රථය යළි ධාවනය කරනවාත් සමග එම බස් රථයේ ඉදිරිපස රෝදයේ ගැටි බරපතල තුවාල ලබා මරදන්කඩවල රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලටත් ඇතුලත් කළ බව පොලිසිය කියයි.

