පැතුම් නිස්සංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පැතුම් නිස්සංක ඇන්ටිගුවාහිදී කො⁣දෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වී සිටින පැතුම් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ දෙවැනි ඉනිමේදී ලකුණු 103 ක් රැස්කරමින් මංගල ටෙස්ටි තරගයේදී විදේශයකදී ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලංකා පිිතිිකරැ බවට පත්විය.

ඩිල්රැවන් පෙ⁣රේරා සාජාහිදී ලකුණු 95 ක් රැස්කරමින් මංගල ටෙස්ට් තරගයේ විදේශයකදී ඉහළම ලකුණු වාර්තාවට මීට පෙර හිමිකම් කීය.

පැතුම්, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ටෙස්ට් තරගයේ ශතකයක් රැස්කළ සිවුවැනි පිතිකරු බවට ද පත්විය