පාස්පෝට් කාර්යාලයට සී.අයි.ඩී.ය කැඳවයි


(යොහාන් භාසුර)

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා ලබාදෙන බවට පවසමින් ජනතාවගෙන් මුදල් ලබාගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) සහ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරීන් යොදවා ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

සංවිධානාත්මක පුද්ගලයන් පිරිසක් ජනතාව අපහසුතාවට පත්කරමින් මුදල් ගන්නා බවට ජනමාධ්‍යවල වාර්තා කිරීමත් සමඟ ඒ සඳා කටයුතු කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.