පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්


(ගයාන් සූරියආරච්චි)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පත්කර ඇත.

ඒ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිර්දේශ මතය. 

අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාසය භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිත්වයෙන් එම කමිටුව ක්‍රියාත්මක කෙරේ.