පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගේන්න ආණ්ඩුව අසමත්වෙලා - සරත් ෆොන්සේකා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මාස දෙකකින් නීතිය හමුවට ගෙන එන බවට ආණ්ඩුව ප්‍රකාශ කළත් අද ඒ පොරොන්දු  පුස්සක් බවට පත්ව තිබෙන බව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ කොමිෂන් වාර්තාව රජයේ පාර්ශවයෙන් පවා දැඩි විවේචනයට ලක්වන අයුරු අප දුටුවා. ඊට හේතු වන්නේ මේ වාර්තාව මරණ පරීක්ෂණ වාර්තාවක් බවට පත්වීමයි. . ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් නොවන බව ජනතාව දැන් තේරුම් ගෙන තිබෙනවා. එය තේරුම් ගැනීමට අපට බුද්ධියක් තිබෙනවා.යනුවෙන් ද පාස්කු වාර්තාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා විවාදයට එක්වෙමින් සරත් ෆොන්සේකා මහතා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.