පාස්කු ප්‍රහාරයට විවාද 13ක්




(සුජිත් හේවාජුලිගේ)

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන්  මේ දක්වා පවත්වා ඇති පාර්ලිමේන්තු විවාද ගණන  13  දක්වා ඉහළ නැග ඇත.

මුල්ම විවාදය පවත්වනු ලැබූවේ  2019 වසරේ මැයි මස 7 වැනිදාය.

එදින එම  යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ හිටපු අමාත්‍ය එස් එම්  චන්ද්‍රසේන මහතා විසිනි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ අවසාන විවාදය පැවැත්වූයේ පසුගිය 8 වැනිදාය.