(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇති බව බියගන්වමින් විවිධ පුද්ගලයන්ට උසස් පොලිස් නිලධාරියකු කතා කරන අයුරින් දුරකථනයෙන් අමතා කප්පම් ලබා ගැනීමේ සිද්ධීන් පනහකට ආසන්න ප්‍රමාණයක් රටේ විවිධ ප්‍රදේශවලි වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එවැනි පැමිණිලි තුනක් ඊයේ (17) දිනයේත් ලැබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
පොලිසියේ ප්‍රසිද්ධ උසස් පොලිස් නිලධාරීන්ගෙන් නම් පවසා මෙම කප්පම් ගැනීම සිදු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි
විවිධ පුද්ගලයන් අමතා තමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සඳහා විමර්ශන නොකර සිටීමට හෝ පොලිස් ස්ථානය වෙත නොගෙන්වා අදාල ප්‍රශ්නය සමථයකට පත්කර කිරීමේ හැකියාව ඇති බවත් ඒ සඳහා යම් මුදලක් තැන්පත් කළ යුතු බවත්,ඊට අදාළ ගිණුම් අංකයක් ද ලබාදී වංචාකාරී ලෙස මුදල් එකතු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
ඊට රැවටුණු පුද්ගලයන් විවිධාකාරයෙන් මුදල් තැන්පත් කර ඇතැයි ඒ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එලෙස ඇමතුම් ගන්නේ පොලිස් නිලධාරීන් හෝ පාස්කු ප්‍රහාරය විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොව මෙම ඇමතුම් ව්‍යාජ ඇමතුම් බවත් ඊට නොරැවටෙන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටි.

