පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙදෙනකු හදුනාගැනේ


(රංජන් කස්තුරි)

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙදෙනෙකු මේ වන විට හදුනාගෙන ඇතැයි මහජන ආරක්ෂාක අමාත්‍ය සරත් වීරසේකර මහතාකොළඹදීඅද (6) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳ මතවාදය මෙරටටගෙනවිත් ප්‍රචාරය කළ නව්ෆර් මව්ලවි සහ ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ හජ්බුර් අක්බාර් නැමැත්තන් එම මහමොළකරුවන් වන අතර ඉදිරි පරීක්ෂණ වලදී ඇතැම්විට තවත් මහමොළකරුවන් හඳුනාගත හැකිවනු ඇතැයිද එහිදී ඇමතිවරයා සඳහන් කළේය.

එම සිද්ධියට සෘජුව සම්බන්ධතවන් සැකකරුවන් 30දෙනෙකු හා තම මහමොළකරුවන් දෙදෙනා මේවන විට රිමාන්ඩ් බාරයේ පසුවන බවද ඔහු කීය.

එම 32දෙදෙනාද සමඟ පාස්කු ඉරිදාසිදුවූ බෝම්බ ප්‍රහාරයන්ට සෘජුව හා වක්‍රව සම්බන්ධවූවන් බවට සැක කෙරෙන 211දෙනෙකු මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන බවද සරත් වීරසේකර ඇමතිවරයා කීය.