
(අංජුල මහික වීරරත්න)
ලබන වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ සහාය ඇතිව වාර්ෂික මහබැංකු වාර්තා පාසල්වල සාකච්ඡා කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සඳහා ගුරුවරුන්ට සහ සිසුන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ලබාදෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ අද (31) පැවති 'ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ' පිහිටුවීමේ ජාතික වැඩසටහනේදී පැවසීය .
පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහල නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තෝරාගත් පාසල් 100ක 'ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ' පිහිටුවීමේ වැඩසටහන මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී අද ඇරඹිණි.

