පාසල් සිසුන්ට නිල ඇඳුම් තාම නෑ


ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි අඩුවෙන් ලැබී ඇතැයි මවුපියෝ පවසති.

ඇතැම් සිසුනට කමීසය සඳහා පමණක් රෙදි ලැබී ඇති අතර කලිසම සඳහා රෙදි ලැබී නැතැයි ද මවුපියෝ කියති.

මවුපියන්ට පාසල්වලින් දැනුම්දී ඇත්තේ ඉදිරියේදී රෙදි ලැබුණු පසුව සිසුන්ට අඩු රෙදි ලබාදීමට කටයුතු කරන බවය.