
(සුජිත් හේවාජුලිගේ )
පාසල් විභාග පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගෝපදේශ සංග්‍රහයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.
මෙම මාර්ගෝපදේශ සංග්‍රහයට ඇතුළත් වන්නේ හදිසි අවස්ථාවන්හිදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමේදී අනුගමනය කළ යුතු උපදෙස්ය.
විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කර ඇත.

