(රජන් කස්තුරි)
පාසල් වසා දැමීම හේතුවෙන් මනෝ සමාජයීය සංවර්ධනයේලා වැඩිම බලපෑමකට ලක් ව ඇති කණ්ඩායම පෙර පාසල් සිසුන් සහ ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් යැයි තහවුරු වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරු පවසති.
එම නිසා පෙර පාසල් සහ ප්‍රාථමික පන්ති පළමුව විවෘත කිරීම අවශ්‍ය බව ද විශේෂඥ වෛද්‍ය මතය වී තිබේ.
පෙර පාසල් සහ ප්‍රාථමික අංශ පංති වල සිසුන්ට මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම ඵලදායි නොවන බව තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

