(යොහාන් භාසුර)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා සිට පාසලක කාලපරිජේදයක කාලය විනාඩි 50 ක් බවට පත්වන බවත් ඒ අනුව දැනට ඇති දිනක කාලපරිච්ජේද සංඛ්‍යාව අටේ සිට හත දක්වා අඩුවන බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාතයංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම සඳහා අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැති හමුවකදී නාලක කළුවැව මහතා එසේ පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට 1 සිට 6 ශ්‍රේණි මුලිකරගෙන ආරම්භ කරන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රවේශය එම 1 සිට 6 ශ්‍රේණි මූලිකව සමස්ත ශ්‍රී ලංකාවේම ආරම්භ කරන බවත් ඒ මහතා කිය.
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 සිට 6 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වුවත් සෙසු පන්තිවලටත් විනාඩි 50 ක දිනනකට කාලපරිච්ජේද 7 නොවෙනස්ව ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා 1 සිට 6 ශ්‍රේණිය දක්වා ගුරුවරු ලක්‍ෂයක් පුහුණුකරන අතර අධ්‍යාපන වෙනසේ සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම ගුරුවරු අත තිබෙන බවත් ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.