පාසල් දරුවන්ට හයදාහක් දෙන යෝජනාව සම්මතයි


 (සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාසල් දරුවන්ට  ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ  පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද(18) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

මෙම ඇස්තමේන්තුව පිළිබඳ විවාදය අද (18) සහ පෙරේදා(17) පැවැත්විණ.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය.පාසල් දරුවන්ට ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට රුපියල් හය දහසක දීමනාවක් මේ  යටතේ පිරිනැමෙනු ඇත.