පාසල් තාප්පයට යට වු සිසුන් දෙදෙනා රෝහලට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව අඹකදවිල ශාන්ත රෝගුස් විද්‍යාලයෙ ප්‍රධාන දොරටුව ඉදිරිපිට තිබු කුඩා තාප්පයක් කඩා වැටිමේන් එයට යටවු සිසුන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බව හලාවත  පොලිසිය කියයි.

තාප්පය කඩා වැටිමේන් එම විද්‍යාලයෙ 11 ශ්‍රේණීයෙ සිසුන් දෙදෙනෙකු මෙලෙස තාප්පයට යටවි තුවාල ලබා තිබු බව කියයි.

හලාවත මහ රෝහලට ඇතුලත් කල සිසුන් දෙදෙනාගෙන් එක් අයකු ප්‍රථිකාර ලබා පිටව ගොස් ඇති බවත් අනෙක් සිසුවා ප්‍රථමික ඒකකයෙ ප්‍රථිකාර ලබමින් සිටින බව කියයි.