පාසල් තත්ව පාලන කව ජාත්‍යන්තර සමුළුවට ආනන්දයෙන් කණ්ඩායමක්


(ඩයනා උදයංගනී)

පාසල් තත්ව පාලන කව 23 වැනි ජාත්‍යන්තර සමුළුව හෙට (13) සිට මෙම මස 17 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් සහභාගීවීමට නියමිතය.

මෙයට සහභාගී වන මෙරට එකම පාසල ආනන්ද විද්‍යාලය වන අතර ඔවුන් එහිදී සිද්ධි අධ්‍යයන ඉදිරිපත් කිරීම, මණ්ඩල සාකච්ඡාව,කලා ආදී ඉසව් සඳහා සහභාගී වන අතර, මෙරට සංස්කෘතික අංග සහ ජන නැටුමක් ද ඉදිරිපත් කිරීමට නියමිතය.

ආනන්ද විද්‍යාලයෙන් රිසිත දිසනායක (කණ්ඩායම් නායක) තිසල් දින්සර, කුලිත් වික්‍රමසිංහ, ගිනුර කාරියවසම්, ඔකිත කරුණාධාර, සෙනිත සේනාරත්න, තරුක් වීරසූරිය, චාරුක රශ්මින්, කවීෂ මල්ලවආරච්චි, රාධ්‍ය වීරසේන, සතිෂ්ක උදාන් සහ තෙනුජය දිසානායක යන සිසුහු මේ සඳහා සහභාගී වෙති. 

මෙම කණ්ඩායම සමඟ පාසල් තත්ව පාලන කවයේ අංශ ප්‍රධානී ලංකා විජේරත්න ගුරු මහත්මිය සහ චාන්දනී කන්නන්ගර ගුරු මහත්මියද මෙම සමුළුවට සහභාගීවීමට නියමිතය.