(රංජන් කස්තුරි)
පාසල්වල ජල බිල්පත් ගෙවීමේදී එක් ශිෂ්‍යයකුට මසකට ලීටර් 400 ක් වැය වෙතැයි සම්මතය කොට රජය මුදල් ගෙවන බවත් ඉන් වැඩිවන සෑම බිල්පතක් සඳහාම පාසල මගින් මුදල් සොයා ගත යුතු බවත් සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ජල තටාක සහ වෙනත් අවශ්‍යතා සඳහා ජල සැපයුම සම්බන්ධතා ලබාගෙන නැත්නම් ඒවායේ බිල්පත් පාසල මගින් ගෙවිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
පාසල්වල පිහිටි විදුහල්පති නිවාස ගුරු නිවාසවල ජල බිල්පත් ඒවායේ පදිංචිකරුවන් විසින් ගෙවිය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඒ අනුව පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ගුරු මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එක් පුද්ගලයකුට දිනකට ජලය ලීටර් විස්සක් වැය වෙතැයි ගණනය කොට දින විස්සක් සඳහා එනම් මසකට ලීටර් 400 ක් සදහා පමණක් රජයේ මුදලින් බිල්පත් ගෙවන බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ. මින් ඉදිරියට පාසල්වලට ජල බිල්පත් ලැබීමේදී රජයේ ගාස්තුව සහ අමතර ගාස්තුව යනුවෙන් කොටස් දෙකකින් යුතුව බිල්පත නිකුත් කිරීමට නියමිත අතර අමතර ගාස්තු යටතේ ඇති මුදල පාසල් සංවර්ධන සමිතියේ අරමුදලින් ගෙවිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.