( තිලකරත්න දිසානායක)
රජයේ පාලන මිල ඉක්මවා සහල් සහ සීනි අලෙවි කරනු ලබන බවට ලද පාරිභෝගික පැමිණිලි මත ගම්පහ අවට වැටලීම් සිදු කළ පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් වෙළඳුන් සිව් දෙනෙකුට නඩු පැවරීමට පියවර ගෙන ඇත.
රුපියල් 122 කට අලෙවි කළ යුතු සුදු සීනි කිලෝවක් රුපියල් 160 ක මිලකටත් , රුපියල් 98 කට අලෙවි කළ යුතු නාඩු සහල් කිලෝවක් රුපියල් 120 ක මිලකටත් අලෙවි කිරීම මත මෙම වෙළඳුන්ට නීතිමය පියවර ගනු ලැබූ බව දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය.
මෙම වැටලීමේදී අත් අඩංගුවට පත් වෙළඳසල් හිමිකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර ඇපමත මුදාහැර ඇත.
සමූපාකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සිදු කරන ලද මෙම වැටලීම් සදහා දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතාගේ මෙහෙයවීම මත විමර්ශන නිලධාරීන් වන දිලීප කරුණාරත්න, කෝසල රංගනාත්, සී.අයි.පී.කන්දගේ, එච්.කේ.රවිදු, හෂාන් කළුබෝවිල, ඩබ්ලිව්. එච්.දයානන්ද යන මහත්වරුන් ක්‍රියා කොට ඇත.

