පාරිභෝගික කටයුතු සංශෝධන පනත සඳුදා පාර්ලිමේන්තුවට


(යොහාන් භාසුර)

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැළසුම්සහගතව ඉහළ දමන සහ පාලන මිලට වඩා ඉහළ මිලකට අළෙවි කරන පුද්ගලයන් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාරිභෝගික කටයුතු සංශෝධන පනත ලබන සඳුදා (6) පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

පාරිභෝගික කටයුතු සංශෝධන පනතට අනුව තනි පුද්ගලයන් හෝ තනි පුද්ගල ව්‍යාපාර සහ සමාගම් ලෙස දඩ මුදල් පැනවීම කාණ්ඩගත කර ඇති බව කී අමාත්‍ය අලගියවන්න මහතා තනි පුද්ගල ව්‍යාපාරයක උපරිම දඩය රුපියල් 20,000 සිට ලක්‍ෂ 10 දක්වා ද, සමාගමක උපරිම දඩය ලක්‍ෂ දෙකේ සිට කෝටිය දක්වා ද, ඉහළ දමා ඇති බව සඳහන් කළේය.

තනි පුද්ගලයක් සඳහා පැවැති අවම දඩය වූ රුපියල් 1000 රුපියල් ලක්‍ෂය දක්වාත් සමාගමක් සඳහා පැවැති අවම දඩය වූ රුපියල් 10,000 රුපියල් ලක්‍ෂ 5 ක් දක්වාත් ඉහළ දමා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.