(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුව තුළ හෙට (05) දිනයේ දී පුටු පෙරළියක් සිදුවීමට නියමිතය.
හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාත් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් වෙනම අසුන් ගැනීමට නියමිත අතර ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම අසුන් ගැනීමට නියමිත බව පැවසේ.
ඒ අනුව, ආණ්ඩුවට පැවති තුනෙන් දෙකේ බලය අහෝසි වනු ඇත.
මේ අතර ,ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය නොව , බහුතර බලය ද නැති කිරීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

