(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව සඳහා වෙන් කෙරුණු බස්රථ 12 ක් තිබියදී එහි සේවකයන් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ නවයක් යොදා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද ප්‍රශ්න කර ඇත.
මේ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු පියවරක් ගන්නා ලෙසද ඔහු මෙහිදී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්විය.
පාර්ලිමේන්තුවේ මෙම බස් ප්‍රශ්නය ජනමාධ්‍ය මඟින්ද පසුගිය දිනවල තොරතුරු අනාවරණය කෙරිණ.

