පාර්ලිමේන්තුවේ දින 4 ක වියදම කෝටි දෙක හමාරක්


(සුජිත් හේවාජුලිගේ , ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනි)

ඉකුත් දින හතරේ පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.

මේ මුදල වැයවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව වර්ජනය කිරීම නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 23,27,29 සහ 30 දිනවල පැවැති රැස්වීම් වෙනුවෙනුයි. එම අංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මැති ඇමැතිවරුන්ගේ හා පාර්ලිමේන්තු සේවකයින්ගේ වැටුප් දීමනා,ඉන්ධන හා විදුලිය , ආහාර පාන වෙනුවෙන් මෙම මුදල වැයවී ඇතැයිද ඒ නිලධාරියා කීවේය.

ගණන් බලා ඇති අන්දමට මේ එක් දිනකට වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 65කට ආසන්නය.