පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් මීට සුළු මොහොතකට පෙර කටයුතු කළහ.
මන්ත්‍රී භෝජනාගාරයේ මේ තත්ත්වය ඇති වු බව දැනගන්නට ඇතත් ඒ පිළිබඳව මෙතෙක් තහවුරු වී නැතැයි ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු පොලීසිය හා ආරක්ෂක අංශ මේ පිළිබඳව සෝදිසි කටයුතුහි නියැලෙන අතර විශේෂ කාර්ය බලකායද කැඳවා ඇතැයි වාර්තා වේ.
(36698)