
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම විශේෂ විමර්ශනය ආරම්භ කර ඇත්තේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ඉල්ලීමක් අනුවය.
පාර්ලිමේන්තුවේදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි පැවසෙන වාහන සහ මුදල් අවභාවිතා ඇතුළු සියලුම දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව මෙම විමර්ශනයේදී සොයා බැලෙනු ඇත.
පාර්ලිමේන්තු විධායක නිලධාරීන් දීමනා ගැනීමේදීද කෝටි ගණනක මූල්‍ය අවභාවිතාවක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඒ පිළිබඳවද විගණන අංශවල විශේෂ අවධානය යොමුව ඇත.
මේ සම්බන්ධයෙන් වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම විගණන විමර්ශනය මේ දිනවල කරගෙන යන බවයි.
එම විගණන වාර්තාව මේ මස අග කතානායකවරයාට භාර දීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු කතානායක කාර්යාලයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාර්තාව ලැබුණු පසු ඒ කරුණු පදනම් කරගෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
විගණන වාර්තාවෙන් හෙළි කෙරෙන කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ද බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය.

