
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ඉදිකිරීම් කටයුතුවලදී නොමිලේ උපදේශන සේවා ලබාදීමට ජෙෆ්රි බාවා පදනම තීරණය කර ඇත.
එසේම පාර්ලිමේන්තුවේ මුල් සැලැස්මට හානි නොවන පරිදි එහි ඉදිකිරීම් කරන්නැයි එම පදනම පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීමේ කටයුතු මෙහෙයවීය.
මේ අනුව මෙරට ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පියෙකුවූ ජෙෆ්රි බාවා මහතා එහි ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස තෝරාගන්නා ලද අතර ඉදිකිරීම් කටයුතු ජපන් සමාගමකට පවරනු ලැබීය
ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් මුල්කරගෙන නිර්මාණයකර ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහනිර්මාණ කටයුතුවලදී දේශීයත්වයට ඉහළ ප්‍රමුඛතාව ලබා දී ඇත
මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 1982 වර්ෂයේදී අවසන්වූ අතර 1982 අප්‍රේල් 29 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.

