( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ජනාධිපතිගේ ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන රත්නජීව හුල් මහතා විසින් ද අද (12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපිය , ජනාධිපති ලේකම් ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
ජනාධිපතිවරයා ගේ එම ගැසට්ටුව බලරහිත කරන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අවශ්‍ය පියවර ගැනිමෙන් මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයන් කටයුතු කිරීමෙන් වළකාලන අතුරු නියෝගයක් ද නිකුත් කරන්නැයි ද පෙත්සමින් ඉල්ලා සිටියි.