(මහින්ද නිශ්ශංක)
තිරිඟු පිටි සඳහා කළු කඩ මාෆියාවක් බිහිවීමත් සමග වැඩි මිලට පාන්පිටි මිලදී ගැනීමට සිදුවීම නිසා ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 300ට අලෙවි කිරීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.
රුපියල් 3500ට මිලදි ගත් කිලෝ 50ක තිරිඟු පිටි මිටියක් අද වන විට රුපියල් 25,000කට මිලදී ගැනීමට සිදුව ඇතැයි ද ජයවර්ධන මහතා කියයි.
කළු කඩෙන් අධික මිලට පිටි මිලදී ගෙන නිෂ්පාදන කර පාන් ගෙඩියක් රුපියල් 300ට අලෙවිකරනවාට තම සංගමය විරෝධයක් නැතැයි ජයවර්ධන මහතා කියයි.
නමුත් රුපියල් 300 පාන් අලෙවි කිරීමට තම සංගමය තීරණයක් ගෙන නැතැයි ද ජයවර්ධන මහතා පවසයි.

