(ඒ.ජි.වික්‍රමසිංහ)
පානදුර වෙඩ් තැබීම් දෙකක පැදිකරු ලෙස කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර පොලිසියෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගත් සැකකරු 29 වන දින රාත්‍රියේදි රත්නපුර පොලිසිය වෙත බාරදි ඇත.
රත්නපුර පොලිසිය වෙත බාරදුන් සැකකරුවකු අද 30 දින පෙරවරුවේ පොලිස් සිර මැදිරියෙන් පැන ගොස් ඇතැයි රත්නපුර පොලිසියෙන් වාර්තාවේ.
පානදුරේ වෙඩි තැබිම් දෙකක පැදිකරු ලෙස කටයුතු කරන ලද සැකකරුවකු බවත් ඔහුට එරෙහිව වරෙන්තු දෙකක් ඇතැයි ද පොලිසිය කියයි.
මෙම සැකකරු අද පෙරවරු 7.03 ට වැසිකිලි යාමට අදාල නිළධාරියා විසින් දොර විවෘත කරන ලද අවස්ථාවේ තම හිසට තොප්පියක් දමාගෙන සිර මැදිරියෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු අනාවරනය වේ.
මෙම සැකකරු රත්නපුර අංගම්මන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් අද 30 දින අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය.