පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට


(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිරණ පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ  කසුන් හරිස්චන්ද්‍ර නමති 35 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

පානදුර, මාලමුල්ල රණවිරු හේමන්ත පෙරේරා මාවතේ පිහිටී නිවසක කොටහළු සාදයකදී වෙඩිතැබිම සිදුව ඇති බවත් මියගොස් ඇති තැනැත්තා සිය බිරිද සමග සාදයට සහභාගී සිට ඇති බවත් පොලිසිය පවසයි.

යතුරු පැදිය කිහිපවරක් සාදය පැවැත්වූ ස්ථානයෙන් එහා මෙහා ගමන් කර ඇති අතර මුහුණ ආවරණය කරගන සිටී තුවක්කුකරු එක්වරම වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව සදහන් වේ.

අසල නවතා තිබූ ත්‍රීරෝද රථයකටද වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලවී තිබු අයුරු දැකගත හැකිවිය.

වෙඩිවැදී සිටී දෙදෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින් සහ විශේෂ කාර්ය බලකා නිළධාරින්ද කැදවා තිබුණි.