පාතාලයට ගෑවුණු දේශපාලනඥයන් ගැන හෙළිදරව්වක්




(සුජිත් හේවාජුලිගේ)

පාතාලයට බලපාන හේතු දෙකක් තිබෙන බවත් දේශපාලනය හා දූෂණය එම හේතු දෙක බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ  ලේකම් රවී සෙනෙවිරත්න මහතා පැවසීය.

රටට තියෙන ලොකුම අභියෝගය සංවිධානාත්මක අපරාධ බවද ඔහු සඳහන් කළේය.

සෙනෙවිරත්න මහතා මෙසේ පැවසූවේ  මාතර පැවති වැඩමුළුවකදීය.

රවී සෙනවිරත්න මහතා මෙසේද පැවසීය

පාතාලය එක්ක සම්බන්ධ දේශපාලනඥයන් ඇති. නමුත් අද ඔවුන්ට බලය නෑ. මේ නිසා පාතාලය එක්ක දේශපාලනය ක්‍රියාත්මක කරන්න ඔවුනට  බැරිවෙලා තියෙනවා. අද පාලන තන්ත්‍රය මෙහෙයවන්නේ වෙනම කණ්ඩායමක්. දූෂණය සමඟ පාතාලය බැඳිලා තියෙනවා. එතන පොලිස් නිලධාරීනුත් ඉන්නවා.