
(යොහාන් භාසුර)
ආනමඩුව ප්‍රදේශයේ ඉඩමක් පසුගියදා ඇති වූ සිද්ධියට අදාල ඉඩම සිය දේශපාලන ආධාරකරුවකුට අයිති එකක් වීම නිසා මැදිහත් වූ බවත් මැතිවරණ කාලයේ උදව් අරගෙන ඔවුන්ගේ ඉඩම් වෙනත් පුද්ගලයන් අල්ලා ගන්නා විට ඔළුව පාත්කරගෙන සිටීමට සූදානම් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.
තමන් ශාන්තිවාදී තපස් රකින කෙනෙක් නොවීම නිසා අයුක්තියට අසාධාරණයට විරුද්ධ කෙළින් කථා කරන පුද්ගලයකු ලෙස මීටත් වඩා ඉස්සරහට අඩියක් තැබීමට බිය නොවන බව කී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා එම ඉඩම හිමිකරුට උත්සව ශාලාවක් ඇති බවත් එම උත්සව ශාලාව සහ එහි භාණ්ඩ තම මැතිවරණ ව්‍යාපාරයට ලබාදුන් බව ද සඳහන් කළේය.
ශාන්ත නැමැති තම ආධාකරුවකුට අයිති එම ඉඩම රජයේ ඉඩම් අල්ලා ගැනීමේ චෝදනාවට රක්‍ෂිත බන්ධනාගාරත කර කළ පුද්ගලයෙක් වන ලාල් නැමැති හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇටෝනි බලපත්‍රයක් පෙන්නා අයිතිය කියන බවත් එවැනි පුද්ගලයන්ට නැවත සිය ගමේ මිනිස්සුන්ගේ ඉඩම් අල්ලා ගැනීමට අවස්ථාව නොදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
අගමැතිතුමාගේ නම පාවිච්චි කර මෙම පුද්ගලයන් මෙම දූෂිත ක්‍රියාවේ නිරත වන බව කී අමාත්‍යවරයා පැවසුවේ තමන් අගමැතිතුමා වසර 20 කට වැඩි කාලයක් ළගින් ඇසුරු කරන බවත් එවැනි දේවල්වලට සම්බන්ධ සමහර පුද්ගලයන්ව අගමැතිතුමා එලවා ඇති බවත්ය.
බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා එසේ පැවසීය.

