පාඨලීට සජබ ඉහළ තනතුරක්


(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට සමගි ජනබලවේගයේ උසස් තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර මේ දිනවල සාකච්ඡාවක් පැවැත්වෙන බව සමගි ජන බලවේගයේ  මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමඟ සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගන්නා බවත් මහලේකම්වරයා ලංකාදීපයට සඳහන් කරයි

පක්ෂ නායකයන් සමග අවසන් තීරණයකට එළඹීමෙන් පසු මෙම නව තනතුරු ප්‍රකාශයට පත්කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.